| ගරු විදුහල්පති තුමාගේ පණිවිඩය. | ගරු සභාපති තුමා ගේ පණිවිඩය. | |||||
![]() |
![]() |
|||||
| අධ්‍යාපනය මගින් පුද්ගලයකු පූර්ණ මිනිසකු බවට පත් කරයි. මේ සඳහා පොතපත පමණක් නොව බාහිර ක්‍රියාකාරකම් තුලින් ලබන අත්දැකීම් ද අත්‍යාවශ්‍ය වේ. එම අත්දැකීම් ලබා ගැනීමට බාලදක්ෂ ව්‍යාපාරය සහය කර ගත යුතුය යන්න මගේ හැඟීමයි. එපමණක් නොව බාලදක්ෂ ව්‍යාපාරය තුලින් සාමය, සංවරය, අවිහිංසාව විනයද ළමා මනස තුල රෝපණය කළ හැක. 1951 දී ඇරඹි රාහුල විද්‍යාලයීය බාලදක්ෂ සමූහය තුලින් සමාජයේ ඉහලටම ගමන් කිරීමට සමත් වූ ආදි බාලදක්ෂයින් පිළිබඳවත් මේ අවස්ථාවේ දී සිහිපත් කළ යුතුය. දකුණු පළාතේ හා මාතර දිස්ත්‍රික්කයේ ද, විශේෂයෙන් විද්‍යාලයේ සියළුම කටයුතුවලදී ද, ගත වූ වසර 58 ක කාළය තුළ මෙන්ම අදත් රාහුල ආදි බාලදක්ෂයන් ගේ කැපවීම අගය කළ යුතුය. මෑත භාගය තුල බාලදක්ෂ ක්‍රියාකාරකම් තුළින් මෙන්ම සමාජ සේවා කටයුතු තුලින් විශාල ප්‍රගතියක් ලබා ඇත. රාහුල ආදි බාලදක්ෂ සංසදයේ ක්‍රියාකාරකම් තව තවත් වර්ධනය වේවා! රාහුල ආදි බාලදක්ෂ සංසදය නැමැති පහන්ටැඹ මගින් රාහුලය පමණක් නොව මුලු මහත් සිරිලකම ඒකාලෝක වේවා!
විදුහල්පති, |
මාතර රාහුල විද්‍යාලයීය බාල දක්ෂ සමූහයට අභිමානවත් අතීතයක් මෙන්ම සාඩම්බර විය හැකි වර්තමානයක් ද ඇත. එය අප රාහුල විද්‍යාලයීය බාලදක්ෂ සමූහයේ ආරම්භයේ සිට මේ දක්වා සාමාජිකත්වය දැරූ අදී රාහුල බාලදක්ෂයන් සියලු දෙනා ස්වකීය අවංක උත්සාහයෙන් ලබාගත් ප්‍රතිඵලයකි. බාලදක්ෂයෙකු ලෙස ලබන පුහුණුවද, බාලදක්ෂයෙකු කඳවුරු ජීවිතයේ ලබන අත්දැකීම් ද, ආත්ම විශ්වාසයෙන් යුතු අවංක පුද්ගලයෙකු බිහි කරනු ඇත. ස්වකීය කැපවීම් තුලින් අනුනට සේවය කිරීමේ අරමුණින් යුත් රහල් ආදි බාලදක්ෂයින්, ශ්‍රී ලංකා සමාජයේ විවිධ ක්ෂේත්‍ර වල කවදත් පෙරමුණ ගෙන ඇත්තේ එබැවිනි. මාතර රාහුල විද්‍යාලයීය ආදි බාලදක්ෂ සංසදය, විද්‍යාලයීය බාලදක්ෂ සමූහයට ශක්තියක් වෙමින්, රාහුල විද්‍යාලයට ආලෝකයක් වෙමින් සාර්ථක ගමනකට පියවර තබා ඇත. අප සැමට සෙවණ දුන් රාහුල විදුහල් මාතාවටත්, මාතර දිස්ත්‍රික්කයටත්, මහා ශක්තියක් වෙමින්, අප ශ්‍රී ලංකා ධරණීතලයේ හෙට දවස වෙනුවෙන් සාධනීය ලෙස දායක වීම සඳහා රාහුල විද්‍යාලයීය ආදි බාලදක්ෂ සංසදයට, අභිමානවත් ජීවමය බලයක් ඇති බව මා විශ්වාස කරමි. වෛද්‍ය,
|
|||||

